වැඩබිම්වලදී ඇතිවන අනතුරුවලට ගෙවන වන්දි මුදල් දෙගුණයකින් ඉහළට

වැඩබිම්වලදී සිදුවන අනතුරුවලින් මරණයට පත්වන හෝ ආබාධයන්ට ලක්‌වන පුද්ගලයන් වෙනුවෙන් ගෙවනු ලබන වන්දි මුදල දෙගුණයකින් ඉහළ දමා ඇති බව කම්කරු සබඳතා හා මිනිස්‌බල ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා පැවැසීය.

ඒ අනුව මරණයකදී මෙතෙක්‌ ගෙවනු ලැබූ රුපියල් ලක්‍ෂ දෙකහමාරක මුදල ලක්‍ෂ පහමාරක්‌ දක්‌වා ඉහළ දැමූ බවත් ආබාධයකදී ගෙවනු ලැබූ වන්දි මුදල ආබාධයේ ස්‌වරූපය අනුව දෙගුණයකින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ඉහළ දමා ඇති බවත් ඇමැතිවරයා පැවැසීය.

වැඩබිම්වලදී සිදුවන මරණ හා ආබාධ වෙනුවෙන් මෙතෙක්‌ ගෙවනු ලැබූ වන්දි ප්‍රමාණය ප්‍රමාණවත් නොවන නිසා වන්දි මුදල් ඉහළ දැමීමට රජය තීරණය කළ බවත් එම තීරණය මේ වනවිට ක්‍රියාත්මක බවත් හෙතෙම පැවැසීය.

ටිකක් හෙමිහිට නිදහසේ කියවන්න...‍