Chrome Browser එක ඇතුලෙම IE ත් ....

අන්තර්ජාලයේ සැරිසරන ගොඩක් දෙනෙක් අත් විදින දෙයක් තමයි සමහර වෙබ් පිටු වලට පිවිසීමටනම් ඒවා අනිවාර්යයෙන්ම IE වලින් විවෘත කළයුතු වීම. මේක Chrome Browser එක විතරක් පාවිච්චි කරන අයටනම් ලොකු කරදරයක්.


හැබැයි මේකට විසදුමක් විදියට තමයි  IE Tab Classic කියන Google Chrome extension එක හදුන්වල දීල තියෙන්නෙ.
මේකෙදි IE වල තියෙන සෑම පහසුකමක්ම අපි‍ට Chrome වලදිත් ලබා ගැනීමේ පහසුකම තියෙනව.
ඊ‍ට අමතරව නිතරම පිවිසෙන වෙබ් පිටු විවෘත කිරීමේදී ඒවා ස්වයංක්‍රීයවම IE Tab හරහා විවෘත වීමට ඉඩ සැලසීමේ පහසුකමත් මෙහි තියෙනවා.
මටනම් මේක ගොඩක් වැදගත් වෙන්නෙ Chrome Browser වල ඉදන්ම රිවිර වගේ සිංහල පත්තර බලන්න.
ඔය ගොල්ලොත් try කරල බලන්න.


Download IE Tab Classic

මැයි දිනයක් නැති මැයි දිනය..

1886 වසරේදී පැය 8 ක වැඩ දිනයක් වෙනුවෙන් හඩ නැගූ කම්කරු ජනතාව මර්ධනයට ලක් වීමත් සමගින් පිබිදෙන ලෝක කම්කරු ජනතාව සෑම වසරකම එම දිනය සැමරුවේ තම සේවා අයිතිවාසිකම් රැක ගැනීමේ අවංක චේතනාවෙනි.


නමුත් වර්තමානයේදි පැවසීමට ඇත්තේ " නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ " යනුවෙන් පමණකි.
ඒ කම්කරු දිනයත් පාලක පන්තියේ පැවැත්ම තහවුරු කර ගැනීම උදෙසා ඔවුන්ගේ පූර්ණ ආශිර්වාදය ය‍ටතේ පවත්වන තවත් එක් දේශපාලන රැළියක් පමණක් බවට පත්ව ඇති නිසාය.එම රැළි වලට අනුව කම්කරැවන්ට ලබා ගැනීමට කිසිවක් නැත.සියල්ල රිදී බන්දේසි මත තබා ඔවුන් වෙත පිළිගන්වා ඇත.

එනිසා අද අපට සමරන්නට සිදුව ඇත්තේ මැයි දිනයක් නැති මැයි දිනයකි.එහිදී සිදුකළ යුත්තේ වත්මන් කම්කරු නායකයන් කරනා පරිද්දෙන්ම පාලකයන් වයනා මියුරු බෙරහඩට අනුව පා සොලවා නටමින් රංගනයේ නිරත වීම පමණකි.