මැයි දිනයක් නැති මැයි දිනය..

1886 වසරේදී පැය 8 ක වැඩ දිනයක් වෙනුවෙන් හඩ නැගූ කම්කරු ජනතාව මර්ධනයට ලක් වීමත් සමගින් පිබිදෙන ලෝක කම්කරු ජනතාව සෑම වසරකම එම දිනය සැමරුවේ තම සේවා අයිතිවාසිකම් රැක ගැනීමේ අවංක චේතනාවෙනි.


නමුත් වර්තමානයේදි පැවසීමට ඇත්තේ " නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ " යනුවෙන් පමණකි.
ඒ කම්කරු දිනයත් පාලක පන්තියේ පැවැත්ම තහවුරු කර ගැනීම උදෙසා ඔවුන්ගේ පූර්ණ ආශිර්වාදය ය‍ටතේ පවත්වන තවත් එක් දේශපාලන රැළියක් පමණක් බවට පත්ව ඇති නිසාය.එම රැළි වලට අනුව කම්කරැවන්ට ලබා ගැනීමට කිසිවක් නැත.සියල්ල රිදී බන්දේසි මත තබා ඔවුන් වෙත පිළිගන්වා ඇත.

එනිසා අද අපට සමරන්නට සිදුව ඇත්තේ මැයි දිනයක් නැති මැයි දිනයකි.එහිදී සිදුකළ යුත්තේ වත්මන් කම්කරු නායකයන් කරනා පරිද්දෙන්ම පාලකයන් වයනා මියුරු බෙරහඩට අනුව පා සොලවා නටමින් රංගනයේ නිරත වීම පමණකි.

2 Response to "මැයි දිනයක් නැති මැයි දිනය.."

  1. Anonymous Says:
    May 1, 2010 at 11:30 PM

    ඇත්ත!

  2. ``` Outsider``` says:
    May 2, 2010 at 10:21 AM

    ලෝක කම්කරු දිනය වූවට ලංකාවට එය අදාල නොවේ. මැයි දිනය ලංකාවේ දේශපාලකයින් කම්කරුවන්ගෙන් උදුරගෙන බොහෝ කල්ය.
    කම්කරු නායකයින් විසින් කම්කරුවන් දේශපාලකයින්ට‍ තුට්ටු දෙකට විකුණා බොහෝ කල්ය.

Post a Comment