අන්තර්ජාලයේ සැරිසරන ගොඩක් දෙනෙක් අත් විදින දෙයක් තමයි සමහර වෙබ් පිටු වලට පිවිසීමටනම් ඒවා අනිවාර්යයෙන්ම IE වලින් විවෘත කළයුතු වීම. මේක Chrome Browser එක විතරක් පාවිච්චි කරන අයටනම් ලොකු කරදරයක්.
හැබැයි මේකට විසදුමක් විදියට තමයි IE Tab Classic කියන Google Chrome extension එක හදුන්වල දීල තියෙන්නෙ.
මේකෙදි IE වල තියෙන සෑම පහසුකමක්ම අපිට Chrome වලදිත් ලබා ගැනීමේ පහසුකම තියෙනව.
ඊට අමතරව නිතරම පිවිසෙන වෙබ් පිටු විවෘත කිරීමේදී ඒවා ස්වයංක්‍රීයවම IE Tab හරහා විවෘත වීමට ඉඩ සැලසීමේ පහසුකමත් මෙහි තියෙනවා.
මටනම් මේක ගොඩක් වැදගත් වෙන්නෙ Chrome Browser වල ඉදන්ම රිවිර වගේ සිංහල පත්තර බලන්න.
ඔය ගොල්ලොත් try කරල බලන්න.
Download IE Tab Classic
1886 වසරේදී පැය 8 ක වැඩ දිනයක් වෙනුවෙන් හඩ නැගූ කම්කරු ජනතාව මර්ධනයට ලක් වීමත් සමගින් පිබිදෙන ලෝක කම්කරු ජනතාව සෑම වසරකම එම දිනය සැමරුවේ තම සේවා අයිතිවාසිකම් රැක ගැනීමේ අවංක චේතනාවෙනි.
නමුත් වර්තමානයේදි පැවසීමට ඇත්තේ " නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ " යනුවෙන් පමණකි.
ඒ කම්කරු දිනයත් පාලක පන්තියේ පැවැත්ම තහවුරු කර ගැනීම උදෙසා ඔවුන්ගේ පූර්ණ ආශිර්වාදය යටතේ පවත්වන තවත් එක් දේශපාලන රැළියක් පමණක් බවට පත්ව ඇති නිසාය.එම රැළි වලට අනුව කම්කරැවන්ට ලබා ගැනීමට කිසිවක් නැත.සියල්ල රිදී බන්දේසි මත තබා ඔවුන් වෙත පිළිගන්වා ඇත.
එනිසා අද අපට සමරන්නට සිදුව ඇත්තේ මැයි දිනයක් නැති මැයි දිනයකි.එහිදී සිදුකළ යුත්තේ වත්මන් කම්කරු නායකයන් කරනා පරිද්දෙන්ම පාලකයන් වයනා මියුරු බෙරහඩට අනුව පා සොලවා නටමින් රංගනයේ නිරත වීම පමණකි.
සමහර අවස්ථාවලදි අපේ කට්ටිය පරිගනකයේ OS දෙකක් පාවිච්චි කරනවා.එතකොට එක OS එකකින් අනෙකට මාරු වෙත්දි පරිගනකය යළි පණ ගැන්වීමටත් සිද්ධ වෙනවා.
අන්න ඒ නිසා තමා මේ VMware Player වැදගත් වෙන්නෙ.
මේක භාවිතා කරල අපිට windows 7, Vista, XP or Linux හරි වෙනත් ඕනම OS දෙකක් අපහසුවකින් තොරව එකවර භාවිත කරන්නට අවස්ථාව ලැබෙනව.
http://www.keral.com/articles/Papaya_leaves_juice_a_natural_cure_for_dengue.htm
Papaya leaves juice a natural cure for dengue
JAR ගේම් එකක් phone එකට දාන්න කලින් PC එකේ test කරල බලන්න පුළුවන් වුනොත් හොදයි නේද? මොකද සමහර ඒවගෙ වෙවරස් එහෙමත් තියෙනවනෙ.
මේ විදියට කරන්න්නම් මුලින්ම මේ jar file එක exe file එකක් බවට හරව ගන්න වෙනව. ඊට පස්සෙ ඒක install කරල ක්‍රියාත්මක කරල බලන්න පුළුවන්.
මෙතන තියෙන පොඩි උපකරණයක් . ඒකෙන් පුළුවන් jar file එක exe file එකක් බවට හරව ගන්න. පොඩ්ඩක් test කරල බලන්නකො...

Download JAR2EXE Converter
මම ගොඩාක් දවසක ඉදන් බලාගෙන හිටපු ලියුමක් අද මගේ විද්‍යුත් ලිපිනයට ලැබිල තිබුනා.මාර සතුටුයි.පාතින් තියෙන්නෙ ඒ ලියුමෙන් කොටසක්.
මමත් දැන් සිංහල බ්ලොග් කරැවන්ගේ සංගමයෙ කෙනෙක්නෙ.
සතුටු නැද්ද ඉතින්....
මේ සංගමය හදපු කට්ටියටයි ඉන්න සාමාජිකයන්ටයි සුභ පතමින් මං මගේ වැඩ පටන් ගන්නව එහෙනන්...ජය වේවා !!!!!!!
Rupavahini
Swarnavahini
ITN (Webcast 1)
ITN (Webcast 2)
Sirasa TV
TV Derana
Channel Eye
Max Television
Siyatha TV
Meth TV
Neth TV
Pavana TV
TV Lanka
Ya SriLanka
Vasantham TV
CiTiHitz
Sri TV
See TV
තමන්ට වැදගත් වන ෆයිල් එකක් හංගල තියන්න පුළුවන් ක්‍රමයක් තිබුනොත් කාටත් හොදයි නේද?
මෙන්න ක්‍රමය ..සරලයි පහසුයි..
මුලින්ම හංගන්න ඕන කරන ෆයිල් එකයි පින්තූරයයි එක ෆෝල්ඩර් එකක් ඇතුලට දා ගන්න.
C:/ New Folder ඇතුලට දැම්මයි කියමුකො.
එතකොට
වැඩබිම්වලදී සිදුවන අනතුරුවලින් මරණයට පත්වන හෝ ආබාධයන්ට ලක්වන පුද්ගලයන් වෙනුවෙන් ගෙවනු ලබන වන්දි මුදල දෙගුණයකින් ඉහළ දමා ඇති බව කම්කරු සබඳතා හා මිනිස්බල ඇමැති අතාවුද සෙනෙවිරත්න මහතා පැවැසීය.
ඒ අනුව මරණයකදී මෙතෙක් ගෙවනු ලැබූ රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල ලක්ෂ පහමාරක් දක්වා ඉහළ දැමූ බවත් ආබාධයකදී ගෙවනු ලැබූ වන්දි මුදල ආබාධයේ ස්වරූපය අනුව දෙගුණයකින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් ඉහළ දමා ඇති බවත් ඇමැතිවරයා පැවැසීය.
වැඩබිම්වලදී සිදුවන මරණ හා ආබාධ වෙනුවෙන් මෙතෙක් ගෙවනු ලැබූ වන්දි ප්‍රමාණය ප්‍රමාණවත් නොවන නිසා වන්දි මුදල් ඉහළ දැමීමට රජය තීරණය කළ බවත් එම තීරණය මේ වනවිට ක්‍රියාත්මක බවත් හෙතෙම පැවැසීය.
මෙන්න ක්‍රමය
පළමුව
•ඔබ භාවිතා කරන්නේ windows XP නම් http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP.exe වෙත ගොස් එය බාගතකර ඔබේ පරිගනකයේ ස්ථාපිත කරන්න.
•ඔබ භාවිතා කරන්නේ Vista නම්
http://www.siyabas.lk/files/VistaQuickFix.exe වෙත ගොස් එය බාගතකර ඔබේ පරිගනකයේ ස්ථාපිත කරන්න.
දෙවනුව
•Start – Control panel – Regional and Language options – Languages වෙතගොස් භාෂාව සිංහලට මාරැ කරන්න.(මෙය start bar එකේ දකුණු පස ඇති EN / SI බොත්තම මගින්ද සිදුතළ හැකිය.)
දැන් සිංහලෙන් ලිවීට පටාන් ගන්න. බුදු සරණයි.
(යතුරැ පුවරැව අවශ්‍ය නම් http://sinhalakeyboard.tk/ වෙත පිවිසෙන්න.)







